පාඨලීට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

පාඨලීට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි

පාඨලීට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර දෙකක් ගොනු කර තිබේ.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

 

2016 වසරේ පෙබරවාරි මස 28 වන දා වැලිකඩ පොලිස් වසම තුළ ඩබ්ලිව්.පී.කේ.පී.4575 දරණ ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.

 

දෙවන අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන්නේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, මෙම අනතුර සිදු වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිවය.

 

චෝදනා 16කින් යුත් එම අධිචෝදනා පත්‍රය තුළින් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නැමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ආදී චෝදනා එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එල්ල කර තිබේ.

 

views

745 Views

Comments

arrow-up