"මේ ආමි එකේ තියෙන සිස්ටම් එක.. උඹ හිනාවෙනවද තට්ටයා" අණ නොතකා ධාවනය කල ජනරාල් කෙනෙක් වනජීවී නිලධාරීන්ට කුණුහරැපෙන් බනී (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

"මේ ආමි එකේ තියෙන සිස්ටම් එක.. උඹ හිනාවෙනවද තට්ටයා" අණ නොතකා ධාවනය කල ජනරාල් කෙනෙක් වනජීවී නිලධාරීන්ට කුණුහරැපෙන් බනී (VIDEO)

"මේ ආමි එකේ තියෙන සිස්ටම් එක.. උඹ හිනාවෙනවද තට්ටයා" අණ නොතකා ධාවනය කල ජනරාල් කෙනෙක් වනජීවී නිලධාරීන්ට කුණුහරැපෙන් බනී (VIDEO)

මින්නේරිය ජාතික වනෝද්‍යානය අසල විශේෂ මෙහෙයුමක යෙදී සිටි වනජීවී නිලධාරීන්ට යුද හමුදා සාමාජිකයන් පිරිසක් පහර දී ඇති බවට වාර්තා වේ.

 

මින්නේරිය ජාතික වනෝද්යානයේ අලි පැටවකු සොරා ගැනීමට උත්සාහයක් ඇති බවට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

 

ඒ අනුව පෙරේදා රාත්‍රියේ වනාන්තරය අසල රැකවල් ලාගෙන සිටි වනජීවී නිලධාරීන් වනෝද්‍යානය දෙසින් පැමිණි ජීප් රථ දෙකක් පරික්ෂා කිරීමට උත්සාහ ගෙන තිබේ. එහිදී එම ජීප් රථ නොනවත්වා ධාවනය වී තිබෙන අතර වනජීවී නිලධාරීන් විසින් අනුරාධපුර යුද හමුදා කදවුර ආසන්නයට වෙන තෙක් එම රථ හඹා ගොස් තිබුණි. ඉන්පසු මුරපොළක සිටි යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් එම නිලධාරීන් සිය ග්‍රහණයට ගෙන තිබුණි.

 

ඉන්පසුව එහි දී යම් උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබුණි. එම වීඩියෝව පහතින්.

 

 

 

 

 

 

 

 

source: hirunews

views

958 Views

Comments

arrow-up