පළාත් සභා ක්‍රමයට අපි එකඟයි - අනුර කුමාර දෙමළ ජාතික සන්ධානය හමුවේ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

පළාත් සභා ක්‍රමයට අපි එකඟයි - අනුර කුමාර දෙමළ ජාතික සන්ධානය හමුවේ කියයි

පළාත් සභා ක්‍රමයට අපි එකඟයි - අනුර කුමාර දෙමළ ජාතික සන්ධානය හමුවේ කියයි

පළාත් සභා පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවට ජාතික ජන බලවේගය පිළිගන්නා බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඔහු පවසන්නේ, එය තවදුරටත් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවය.

 

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමග යාපනයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

"මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කමක් අවශ්‍ය වී තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට ව්‍යවස්ථාව තුළ නීති තුළින් ස්ථාපිත කරලා තියෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි අවම කළ යුතුව තියෙනවා. සමහර ඒවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව සිදුකිරීමට ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරකම් අවශ්‍යයි. පළාත් සභා කියන්නේ බලය බෙදාහැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක පළාත් සභාවලට අපි එකඟත්වය පළ කළා. ඒ විතරක් නෙමෙයි පළාත් සභාවලින් දැනට තියෙන තත්ත්වයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා අපි ඉන් ඔබ්බට යා යුතුයි. ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික ආදි කේෂ්ත්‍ර ගණනාවක වෙනස්කමකින් තමා ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා."

views

229 Views

Comments

arrow-up