ගල් අඟුරු මග හැලීමෙන් කරදරයි - ජනතාවගෙන් මැසිවිලි

ත්‍රිකුණාමලය වරායේ සිට චිනවරාය හරහා ගැමුණුපුර ගබඩා අංගන වෙත රැගෙන යන ගල් අඟුරැ පටවා ගත් රථ වලින් මග දිගට ගල් අඟුරැ හැලී යැම නිසා බලවත් පාරිසරික ගැටළු රැසක් පැන නැගි ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
ත්‍රිකුණාමලය වරායේදි ගොඩබාන ගල් අඟුරැ ටිපර් රථ වලට පැටවිය හැකි සිමාවට වඩා පටවන අතර එම අඟුරැ අවට පරිසරයට මුසුවිම වැලැක්වීමට ටෙන්ට් රෙදිවලින් වසාගෙන යැම නියමය වුවත් වැඩිපුර පැටවිමේදි එම ගල් අඟුරැ මහා මර්ගයේ තැනින් තැන හැලි යැම සිදුවන අයුරැ මේ දිනවල දැකිය හැකි බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.
මහා මාර්ගයේ වැටි ඇති ගල් අඟුරැ මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන වලට යටවි කුඩුවන අතර මාර්ගයේ ගමන් කරන සෙසු වාහන වලින් මෙම ගල් අඟුරැ කුඩු අවට පරිසරයට මුසුවිම සිදුවේ.
මේ හේතුවෙන් මාර්ගය දෙපස පදිංචිකරුවන්ට බලවත් සෞඛ්‍ය ගැටළු රැසක් මතුවන බව ඔවුන් පවසයි.
භයානක ස්වසන රෝගවලට මෙය අත වැනීමක් බව කියන ප්‍රදේශවාසීන් මෙය නතර නොවන්නේ නම් තමන්ට ජිවත්විමේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණයකට යැම සිදුවන බව කියයි.
200 Views
Comments