සුදු වෑන් මාධ්‍ය හමුවේ බොරු රැවුලන්ට වරෙන්තු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

සුදු වෑන් මාධ්‍ය හමුවේ බොරු රැවුලන්ට වරෙන්තු

සුදු වෑන් මාධ්‍ය හමුවේ බොරු රැවුලන්ට වරෙන්තු

ආන්දෝලනාත්මක සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවේ පළමුවැනි හා දෙවැනි සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද වරෙන්තු නිකුත් කෙරුණා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ එම සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.


මෙම සැකකරුවන් දෙදෙනා වෙනත් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට දැන ගන්නට ලැබී ඇතත් ඒ බව නිශ්චිතව තහවුරු කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නා.


සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනි නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට වරෙන්තු නිකුත් කළා.


මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වනවිට මේ වනවිට අවසන් වී ඇති බවත් විමර්ශන නිලධාරීන් සටහන් කරන ලද සාක්ෂි විමර්ශනවල උද්ධෘත තම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා.


අද දින මෙම නඩුවේ තුන්වැනි හා හතරවැනි සැකකරුවන් වන හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න හා මොහොමඩ් රූමි යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියා. නඩුව ලබන සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳිවීමට තීරණය කෙරිණි.

 

views

733 Views

Comments

arrow-up