DEC
26
භාවිත ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග හයක් තහනම් කිරීම සඳහා ගැසට් නිවේදනයට අනුමැතිය ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඉදිරි සතියක කාලය තුළ මේ සඳහා අනුමැතිය ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
විවිධ අතිරේක භාණ්ඩ කිහිපයක ඇසුරුම් සහ ඒවායේ කොටස් දිරාපත් නොවන බවට පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.
ෂැශේ පැකට්, කෘමිනාශක ප්ලාස්ටික් බෝතල්, කොට්න් බඩ්, සෙල්ලම් භාණ්ඩ නිපදවන ප්ලාස්ටික් වර්ගයක් ඇතුලු වර්ග ඊට ඇතුළත්.
690 Views
Comments