පොලිස් සිරමැදිරියක සිටි සැකකරුවෙකුට වෙඩි වදී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

පොලිස් සිරමැදිරියක සිටි සැකකරුවෙකුට වෙඩි වදී

පොලිස් සිරමැදිරියක සිටි සැකකරුවෙකුට වෙඩි වදී

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාතර, ගන්දර පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු වෙඩි වැදීමේ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු වැඩ තහනමට ලක් කර ඔහු මේ වන විට මාතර පොලිසියට මාරු කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

 

රාජකාරි සඳහා ගොස් පැමිණි පොලිස් නිලධාරියෙකු යලි පොලිස් ස්ථානයට පැමිණ ඔහු රැගෙන ගිය පිස්තෝලය ඒ වන විට ගන්දර පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් උප සේවා නිලධාරියාට භාරදී ඇති අතර ඔහු එම ගිනි අවියේ තිබු උණ්ඩ ඉවත් කිරීමට යාමේදී අත්වැරදීමකින් උණ්ඩයක් පිටවූ බවත් එය සිර මැදිරියේ සිටි සැකකරුට වැදුණු බවට ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

තුවාල ලැබූ සැකකරුගේ තත්ත්වය බරපතල නොවන බවත්, සිද්ධිය වූ අවස්ථාවේදී තවත් සිරකරුවන් පිරිසක් පොලිසියේ සිර මැදිරිය තුල රඳවා සිට ඇති බැවින් ඔවුන්ගේ ප්‍රකාශ ස්වාධින ප්‍රකාශ ලෙස සලකා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

 

 

 

views

786 Views

Comments

arrow-up