ස්වර්ණමාලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල්‍යය අද සවස
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

ස්වර්ණමාලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල්‍යය අද සවස

ස්වර්ණමාලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල්‍යය අද සවස

අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑයෙහි (රුවන්වැලි මහා සෑය) නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 6.00ට පමණ සිදුකෙරෙනවා. එම කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුවන්නේ හෙට (26) වැනිදා උදෑසන 10.00ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් අතිනි.

 

නව කොත් වහන්සේ පැළඳවීම පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුකිරීමට නියමිත අතර හෙට (26) දහවල් සංඝගත දක්‍ෂිණාවක් හා සවස ආශීර්වාද පූජාවක් ද පැවැත්වීමට නියමිතයි.

 

දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක‍්‍රිස්ට්ල් නම් පළිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන  ඕස්ටේ‍්‍රලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පළිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම  ඕස්ටේ‍්‍රලියානු සමාගම විසිනි.

 

එහි පාදම පිරිසිදු රත‍්‍රන් යොදාගෙන ලෝක ප‍්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර තිබෙනවා. මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග‍්‍රෑම් 28 කට වැඩි ප‍්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතු මැණික් ගල් 4,300 ක් යොදාගෙන අැත.

 

මෙම නව චූඩා මාණික්‍යය ජනතාවට පසුගිය දිනවල ජනතාවට වැඳපුදා ගැනීම හා දැකබලාගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයෙහි සහ කුරුණෑගල ඇත්කඳ විහාරයෙහිත් 22 වැනිදා රාත‍්‍රියේ රුවන්වැලි සෑය අභියස කුටියකත් තැන්පත් කර තිබිණා.

 

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.

 

ඡායාරූප - තිලිණ කළුතොටගේ

views

728 Views

Comments

arrow-up