පාස්කු කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

අද දිනයේ දී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කලා.
මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වමින් කියා සිටියේ මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අතපසු කිරීම් සිදුකළ පිරිස් පමණක් බවත් ප්‍රහාරය පිටුපස සිටින අයවලු ගැන කිසිවක් සඳහන් කර නොමැති බවයි. එමෙන්ම පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් දින 03 ක විවාදයක් ද අවශ්‍ය බව මන්ත්‍රීවරයා කියා සිටියා.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අලුතින් විවාදයක් ඉල්ලීම අවශ්‍ය නොවන බවත් ඒ සඳහා කලින්ම එකඟතාවය පළකර ඇති බවයි.
591 Views
Comments