නිවාස 08ක් අතුරුදන්කල ඇහැලියගොඩ නායයෑම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

නිවාස 08ක් අතුරුදන්කල ඇහැලියගොඩ නායයෑම

නිවාස 08ක් අතුරුදන්කල ඇහැලියගොඩ නායයෑම

ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ විශාල කන්දක් නායයෑම හේතුවෙන් නිවාස 8ක් මුළුමනින්ම විනාශ වී තිබේ.

 

අද (27) දහවල් 1ට පමණ මෙම නායයෑම සිදුවී ඇති අතර නායයෑමේ ලක්ෂණ අද උදෑසන සිටම දක්නට ලැබීම හේතුවෙන් නිවාස අවටවූ පවුල්වල පිරිස් ඉවත්වී තිබුණි.

 

මෙම නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලාබසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන ඇත.

 

මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටී.

 

සහන කටයුතු ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිදුකරන බව ඇහැලියගොඩ ප්‍රදේශීය ලේකම් එස්. ඒ. දිල්රුක් මහතා පවසයි.

views

231 Views

Comments

arrow-up