DEC
13
දෙසැම්බර් 26 වෙනිදා සිට ගුවන්තොටුපොළවල් යළි විවෘත කෙරේ

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ලබන 26 වන දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් පළමුව ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී තිබේ.
කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.
755 Views
Comments