අකුණක් වැදුණැයි කියා රෝහලට ගෙනගියාම අතේ ඇඟිලි අස්සෙන් උණ්ඩයක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

අකුණක් වැදුණැයි කියා රෝහලට ගෙනගියාම අතේ ඇඟිලි අස්සෙන් උණ්ඩයක් හමුවෙයි

අකුණක් වැදුණැයි කියා රෝහලට ගෙනගියාම අතේ ඇඟිලි අස්සෙන් උණ්ඩයක් හමුවෙයි

හොරණ, කුඹුක ප්‍රභූ ආරක්ෂක පුහුණු කඳවුරේ වෙඩි තැබීමේ පුහුණුවක් අතරතුරදී ටී 56 ගිනි අවියකින් පිටවූ වෙඩි උණ්ඩයකින් ඊට කිලෝමීටර 1- 1/2 දුරකින් කුඹුරක සිටි පුද්ගලයකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 

මෙලෙස වෙඩි වැදී ඇත්තේ ගෝනපොළ, කුඹුක උතුර, මාවතවත්ත ප්‍රදේශයේ චින්තක චතුරංග (36) හැවිරිදි විවාහක පුද්ගලයෙකි.මෙම කුඹුරේ එම අවස්ථාවේ සිටි ඔහුගේ පියාගෙන් සහෝදරයාගෙන්, මෙන්ම වෙඩි පුහුණුව පැවැත් වූ ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයාගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇත.

 

සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතා, බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සරත් ජයලාල් මහතා ඇතුළු කණ්ඩායමක් කුඹුක පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසල වෙත ගොස් ස්ථාන පරීක්ෂණයක්ද පවත්වා ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

 

පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය හා ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් සඳහා එම වෙඩි පුහුණුව සිදු කර තිබිණි. තුවාලකරු කුඹුක සමරනායකපුර අලුත් පාර ඉලුකුඹුර වෙල්යායේ පියා සහ සහෝදරයා සමඟ ගොවිතැන් කටයුතු සඳහා කුඹුරු සකසමින් සිටියදී ඔහුගේ වම් අතේ මාපට ඇඟිල්ල සහ දබරැඟිල්ල අතර මෙන්ම දකුණු අතේ උරහිසට පහළ බාහුව ප්‍රදේශය ද තුවාල සිදුවී ඇති අතර අකුණක් වැදුණු බවට සිතා තිදෙනාම නිවස කරා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

 

අනතුරුව නිවැසියන් විසින් තුවාලකරු හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර එහිදී එම පුද්ගලයාගේ අත එක්ස්රේ  පරීක්ෂණයකට භාජනය කර මූණිස්සමක් තිබෙන බවට හඳුනාගැනීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ද ලක් කර මූනිස්සම පිටතට ගෙන තිබිණි. අංක 10 වාට්ටුවේ පෙරේදා (22) ප්‍රතිකාර ලැබූ තුවාලකරු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 15 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

views

180 Views

Comments

arrow-up