59 හැවිරිදි කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය කරයි

ලබුහේන්ගොඩ මුරුතගොඩ ප්‍රදේශයේදී පනස් නව හැවිරිදි කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට වාර්තා වේ.
මෙම ඝාතනයට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය සදුදා එනම් අප්‍රේල් 12 වන දින සවස් යාමයේ දී මෙම ඝාතනය සිදුවී ඇත. පිහි ඇනුමට ලක් වූ කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කල නමුත් බරපතළ තුවාල හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්වී ඇත.
මෙම මිනීමැරුම සඳහා සැක කරන පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. සිද්ධිය පිළිබඳව මිද්දෙණිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
588 Views
Comments