බෝගම්බරින් පළායන්න තැත් කළ රැඳවියන් පිරිසකට වෙඩි – අයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

බෝගම්බරින් පළායන්න තැත් කළ රැඳවියන් පිරිසකට වෙඩි – අයෙක් මරුට

බෝගම්බරින් පළායන්න තැත් කළ රැඳවියන් පිරිසකට වෙඩි – අයෙක් මරුට

බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යාමට තැත්කල රැඳවියන් 05 දෙනෙකුට එහි ආරක්ෂක අංශ විසින් වෙඩි තබා තිබෙනවා.

 


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුශාර උපුල්දෙණිය මහතා කියාසිටියේ එහිදී එක් රැඳවියෙකු මියගොස් ඇති බවයි.

 


ඊයේ මධ්‍යම රාත්‍රියේදී රැදවියන් පිරිසක් පලායාමට තැත් කිරීමේදී එය වැළැක්වීමට බන්ධනාගාර නිළධාරින් පියවර ගත් අවස්ථාවේදී බන්ධනාගාරය තුල උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ.

 


මෙහිදී එක් රැදවියෙකු බන්ධනාගාර තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර අල්ලාගත් රැදවියන් 03 දෙනාගෙන් අයෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

 

 පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සහ විශේෂ කාර්යය බළකාය මේවනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා 

 


බෝගම්බර බන්ධනාගාරය තුල අලුයම හටගෙන ඇති ගැටුම්කාරී තත්වය මේවනවිට පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පත්කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරනවා.

 

views

586 Views

Comments

arrow-up