විදුලිසැර වැදී 47 හැවිරිදි පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

විදුලිසැර වැදී 47 හැවිරිදි පුද්ගලයෙක් මරුට

විදුලිසැර වැදී 47 හැවිරිදි පුද්ගලයෙක් මරුට

වාරියපොළ වඳුරැස්ස ප්‍රදේශයේ දී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ වඳුරැස්ස, මාවත වැවේ මසුන් ඇල්ලීමට ගිය අයෙකු නැවත නිවසට නොපැමීණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමක දී මාවත වැවේ තිබී අදාළ පුද්ගලයාගේ මළසිරුර හමුවී ඇති බවය.

 

මියගොස් ඇත්තේ 47 හැවිරිදි වඳුරැස්ස ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.

 

අදාළ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල රෝහලේදී සිදුකර ඇති අතර එහිදී මෙම මරණය විදුලිය සැර වැදීම හේතුවෙන් සිදුවූවක් බවට අනාවරණය වී තිබේ.

 

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී වැව අසල සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිය ජලයට කාන්දු වී මෙම පුද්ගලයාට විදුලිය සැර වැදී ඇති බවට තහවුරු වී බව පොලීසිය පැවසුවේය.

 

අනවසර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් වඳුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

224 Views

Comments

arrow-up