උණුසුම් වු මැනිං වෙළෙඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
09

උණුසුම් වු මැනිං වෙළෙඳපොළ

උණුසුම් වු මැනිං වෙළෙඳපොළ

පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළට අද අලුයම විවිධ ප්‍රදේශවලින් පැමිණි වෙළෙඳුන් අපහසුතාවයට පත්ව තිබේ.


ඒ මැනින් වෙළෙඳපොළ අද විවෘත නොකිරීම නිසා ඔවුන්ට එම ස්ථානයට ඇතුල්වීමට ඉඩ ලබා නොදීම හේතුවෙනි.

 

වැල්ලවාය, නුවරඑළිය,අනුරාධපුර සහ පොලොන්නරුව යන ප්‍රදේශයන්හි ගොවින් සිය අස්වනු ලොරි රථවල පටවා මැනින් වෙළෙඳපොළ වෙත රැගෙන විත් තිබේ.

 

පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙත වෙළෙඳුන්ගේ හාණ්ඩ රැගත් ලොරි රථ 100 වැඩි ප්‍රමාණයක් පැමිණ ඇති බව වාර්තා වේ.

 

කෙසේ වෙතත් පොලීසිය නිවේදනය කළේ, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත ලොරි රථ රැගෙන යන ලෙසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“දවස් 10 - 12 ක් විතර කාලයක් කොළඹ දිස්ත්‍රික්කය වැහිලා තිබ්බා. ගම්පහ දිස්ත්‍රික්කය මාසයකට විතර කාලයක් වැහිලා තිබුණා. ඒවා අද අලුතින් පටන් ගන්න දවස. යම් යම් තීරණ අරගෙන තිබුණට පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් බිහිවෙලා තියෙනවා. ඒ නිසා එක පාරටම ඇඳිරිනීතිය ඉවත් කරලා පැය දෙකක් වගේ ගතවෙලා තියෙන්නේ. පැය කිහිපයක් වරුවක් ඇතුළත මේ පිළිබඳ තීරණයක් ගනී. ඉදිරි පැය කිහිපය තුළ සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ බලධාරීන් මේ පිළිබඳ තීරණය කරයි.“

 

views

780 Views

Comments

arrow-up