බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට හීනෙන්වත් කල්පනා කර නැහැ - අලි සබ්රි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට හීනෙන්වත් කල්පනා කර නැහැ - අලි සබ්රි

බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට හීනෙන්වත් කල්පනා කර නැහැ - අලි සබ්රි

වසර දෙදහස් පන්සියයකට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ සංශෝධන ගෙන ඒමට කිසිදු බලාපොරොත්තුවක් නැති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

 

තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස සිටින තාක්කල් කිසිසේත්ම ඊට අත නොතබන බවත් සිහිනෙන්වත් ඒ පිළිබඳ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍යවරයා අවධාරණයෙන් පවසා සිටියා.

 

තමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී රන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත වෙමින් පවතින බැවින් ූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමු කරන ලද ප්‍රශ්නයේ පරිදි දාසිය වන වගන්තිය ඉවත් කලහොත් එහි යටතේ ඇති නීති සියල්ල කඩා වැටීමට ඉඩකඩ පවතින බවත් අසන ලද පැනයට පිළිතුරු ලබා දීම සඳහා පැවසූ එකක් මිස වෙනත් කිසිදු අදහසක් එම ප්‍රකාශය තුළ නැති බව අමාත්‍යවරයා කියා සිටියා.

 

වසර දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයක් පවතින ශ්‍රී ලංකාව තුළ සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම් වලට විරුද්ධව නීති ගෙන ඒමට කිසිදු හැකියාවක් නොමැති බවත් වත්මන් රජයට ඒ සඳහා කිසිදු උවමනාවක් නොමැති බවද තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා පැහැදිලි කර සිටියා.

views

713 Views

Comments

arrow-up