වෙඩි වැදීමකින් ඇතින්නක මරුට – පැටවා අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

වෙඩි වැදීමකින් ඇතින්නක මරුට – පැටවා අතුරුදන්

වෙඩි වැදීමකින් ඇතින්නක මරුට – පැටවා අතුරුදන්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන්දමදෙමලිය ප්‍රදේශයේ කඩවරවැව ආසන්නයේදී ඇතින්නියකට වෙඩි තබා ඇති අතර දින කිහිපයක් එකතැන වැටී සිටි ඇතින්න ඊයේ පස්වරුවේ දී මියගොස් තිබෙනවා.

 


වෙඩි වැදුණු ඇතින්නගේ ජීවිතය බේරා ගැනීම සදහා වනජීවි නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බවයි වාර්තා වන්නේ.

 


වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී ඇතින්න සමග ඇගේ පැටවා ද සිට ඇති බවට තොරතුරු අනාවරණය වන බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළා.

 


වෙඩි වැදුණු ඇතින්න වයස අවුරුදු 25 ත් 30 ත් වයසක පසුවන අතර එම ඇතින්න අධික ලෙස වේදනාවෙන් පසු වූ බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.

 


වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කුඩාඔය පොලිසිය සහ වැල්ලවාය වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

 

views

636 Views

Comments

arrow-up