කොරෝනා මරණ අඩු කළ හැකි ඖෂධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

කොරෝනා මරණ අඩු කළ හැකි ඖෂධයක්

කොරෝනා මරණ අඩු කළ හැකි ඖෂධයක්

කොරෝනා වෛරසය වැළඳී අසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබා දිය හැකි අඩු මිලැති වෙළෙඳපොළේ බහුලව ඇති ඖෂධයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වේ.

 

“Dexamethasone” එම ඖෂධය, මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බව එක්සත් රාජධානියේ විශේඥයින් පවසති.

 

එම ඖෂධය මේ වන විටත් කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස අත්හදාබැලීම් සඳහා යොදාගෙන තිබේ.

 

එම ඖෂධය නිසා ස්වසන උපකරණ පිහිටෙන් සිටින රෝගීන්ගේ මරණ තුනෙන් එකක ප්‍රමාණයකින් සහ ඔක්ෂිජන් ලබා දෙමින් සිටින රෝගීන්ගේ මරණ 20%න් පමණ අඩු වන බව පෙනී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

views

704 Views

Comments

arrow-up