යූ.එන්.පිය ගත් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ගැන සමගි ජනබලවේගයෙන් නිවේදනයක්

සමගි ජන බලවේගය ආණ්ඩුවට ශක්තිමත් විකල්පයක් වී ඇති බැවින් අද බෝඩ් ලෑල්ලකට සීමා වී ඇති එක්සත් ජාතික පක්ෂය ආණ්ඩවේ කොන්ත්‍රාත් ඉටු කරමින් සමගි ජන බලවේගයට ප්‍රහාර එල්ල කරන බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගයේ කණ්ඩායමක් එජාපය සමග එක්වීමට සාකච්ජා කරමින් සිටින බවට ව්‍යාජ පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම ඊට හොදම නිදසුනක් බවයි.
එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද මද්දුම බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් අවධාරණය කොට ඇත.
797 Views
Comments