දින 40ක බිළිඳාගේ ගෙල සිරකර ඝාතනය කර ලිඳකට දැමූ මව

දින 40 ක් වියැති සිය බිළිඳාගේ ගෙල සිරකර ඝාතනය කල කාන්තාවක ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් මහතායි නියෝගය ලබාදුන්නේ.
අදාළ කාන්තාව තම දරුවා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ වන්නියාර පාරේ නිවසක පදිංචි කාන්තාවක්.
මියගොස් සිටි බිලිඳියගේ සිරුර ලිඳක තිබී පසුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මඩකලපුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
1246 Views
Comments