කලු‍ තුෂාරගේ පුත්‍රයා පිස්තෝලයක් සමඟ හෝටලයකදී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

කලු‍ තුෂාරගේ පුත්‍රයා පිස්තෝලයක් සමඟ හෝටලයකදී මාට්ටු

කලු‍ තුෂාරගේ පුත්‍රයා පිස්තෝලයක් සමඟ හෝටලයකදී මාට්ටු

හිටපු පාතාල කල්ලි සාමාජිකයකු වූ කලු තුෂාර නමැත්තාගේ පුත්‍රයා බව කියන තරුණයකු සහ ඔහුගේ මිතුරන් තිදෙනකු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සමග පෙරේදා (25) රාත්‍රි මාතර පික්වැල්ල ප්‍රදේශයේ හෝටලයකදී ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.

 

එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක සංජීව මහතාට ලද තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් සන්තකයේ හෙරොයින් මත් කුඩු හා මත් පෙති පාර්සලයක් ද තිබී සොයා ගත් බවත් පොලීසිය කියයි.

 

මහරගම කලු තුෂාර නැමැත්තා 2012 වසරේ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අතරතුරදී මිය ගියේය.

 

අත් අත්අඩංගුවට ගැනුණ කලු තුෂාරගේ 24 හැවිරිදි පුත්‍රයා හා ඔහුගේ මිතුරන් තිදෙනා කොළඹ සිට මාතරට පැමීණ සිටි අතර සාදයක් සංවිධානය කිරීම වෙනුවෙන් හා පිස්තෝලයේ සිරවී ඇති පතොරම් කොපුවක් ඉවත් කර ගැනීම සදහා මාතරට පැමිණි බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි කියයි.

views

246 Views

Comments

arrow-up