මුලතිව් නිරෝධානය මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් මියයයි

ඉකුත් අප්‍රේල් මස 14 වෙනිදා සහ 18 වෙනිදා අතර කාල සීමාවේදී කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධායනය කිරීමට රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙක් මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී අද (01) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කලේ අද උදෑසන සහ පස්වරුවේ මෙම පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්වූ බවත් ඔවුන්ගේ දේහයන් මුල්ලියාවේලි රෝහලේ තැම්පත් කර ඇති බවයි.
මෙම පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 80 ඉක්මවූ අයවළුන් බවත් ඔවුන් ගේ නියැදි PCR පරික්ෂණයන් සඳහා යොමු කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයින් දෙදෙනා ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන කිසිදු ලියැවිල්ලක් ඔවුන් සතුව නොමැති බවත් නිරෝධායන කඳවුරු තුලට ඇතුලත් කිරීමේදී ලබාදුන් තොරතුරු පමණක් ගුවන් හමුදාව සතුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
1364 Views
Comments