දුම්රිය පෙට්ටියක මගීන් 50යි..බස් රථවල මගීන් දුරින් – සේවක ප්‍රවාහනයට ආණ්ඩුවේ සූදානම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

දුම්රිය පෙට්ටියක මගීන් 50යි..බස් රථවල මගීන් දුරින් – සේවක ප්‍රවාහනයට ආණ්ඩුවේ සූදානම මෙන්න

දුම්රිය පෙට්ටියක මගීන් 50යි..බස් රථවල මගීන් දුරින් – සේවක ප්‍රවාහනයට ආණ්ඩුවේ සූදානම මෙන්න

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවසීය.

 

ඇඳිරි නීතිය ඉවත් කළහොත් රජයේ ඉල්ලීම අනුව ජන ජීවිතය ගොඩනැගීම සඳහා අවශ්‍ය මගී ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන නිලධාරීන් සමග අමාත්‍යාංශයේදී පසුගිය සිකුරාදා 17 පැවති සාකච්ඡාවේදී තීරණ කිහිපයකට එළැඹ ඇත.

 

රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවල සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා මූලිකත්වය ලබාදීමට නියමිතය.

 

ඒ අනුව ලංගම බස්රථ 5000ක් සූදානම් කර ඇති අතර, දුම්රිය ගමන් වාර 300ක් පමණද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. පුද්ගලික අංශයේද බස් රථ දහඅට දහසක් පමණ තිබේ.

 

සියලු මගීන් මුඛ ආවරණ පැලඳ ගමන් කිරීම අනිවාර්ය කර ඇති අතර, මීටරයක දුර සිටින ආකාරයෙන් ගමන් කිරීම අනිවාර්ය කර ඇත. ඒ අනුව එක් දුම්රිය පෙට්ටියක මගීන් 50කට සීමා කිරීමටද තීරණය කර තිබේ. ගමන් වාර ආරම්භය හා අවසානයේ බස් රථ හා දුම්රිය ජීවානුහරණය කිරීමද අනිවාර්ය කර තිබේ.

views

858 Views

Comments

arrow-up