රාජිතගේ තත්ත්වය බරපතලයි - දැඩි සත්කාර ඒකකයට මාරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

රාජිතගේ තත්ත්වය බරපතලයි - දැඩි සත්කාර ඒකකයට මාරුවක්

රාජිතගේ තත්ත්වය බරපතලයි - දැඩි සත්කාර ඒකකයට මාරුවක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට මාරුකර යැවීම නවත්වා ඇති බව වාර්තා වනවා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීම හේතුවෙන්.

 


හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට ලංකා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දැඩි සත්කාර ඒකකයට අතුලත් කර ඇති බවයි.

 


බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියගේ නිර්දේශ අනුව හිටපු ඇමතිවරයා ප්‍රතිකාර ලබමින් සිටින නාරාහේනපිට පුද්ගලික රෝහලේ සිට ඔහුව බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට අද (29) දහවල් අවශ්‍ය කටයුතු සුදානම් කෙරුණා.

 

 

ඒ අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සහ ගිලන් රථයක් නාරාහේන්පිට පිහිටි ලංකා රෝහල වෙත පැමිණියේ දහවල් 2.00ට පමණ බවයි වාර්තා වන්නේ.

 


කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ඔහුව බන්ධනාගාර රෝහල වෙත මාරුකිරීම නතර කිරිමට පියවර ගත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 


සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 27 වෙනිදා නියෝග කරනු ලැබුවා.

 

views

902 Views

Comments

arrow-up