ඉතාලිය වඩා සීග්‍රයෙන් ලංකාවේ කොරෝනා පැතිරෙයි - ඉදිරි සති දෙක තීරණාත්මකයි - GMOA

මේවන විට රට තුළ උද්ගතව තිබෙන තත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමය අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැවූවා.එහිදී රජය කොරෝනා වෛරසයට මුහුණු දෙන ආකාරය දැඩි විරෝධයක් වෛද්‍ය සංගමයෙන් එල්ල වීම විශේෂත්වයක්.
එහිදී ඔවුන් විමසා සිටියේ ඊයේ දිනයේ පුත්තලම දිස්ත්‍රික්කය ඇතුලු ප්‍රදේශවලට දමා තිබූ ඇදිරිනීතිය අද උදෑසන 8 ඉවත් කරනු ලැබුවේ කාගේ උපදෙස් මතද යන්නයි.ඔවුන් ප්‍රකාශ කරන්නෙ හමුදාපති සමග පැවැත්වු මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේදී අද දින ඇදිරිනීතිය ඉවත්කිරීමට කිසිදු තීරණයක් නොගත් බවයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ නිරෝධායන නොවුනු පිරිස් මේ වනවිට කොළඹ,නුවර ඇතුලු අනෙකුත් ප්‍රදේශවලට නොගිහින් ඇතිබව තීරණය කරන්නෙ කෙසේද යන්න වෛද්‍ය සංඟමය විමසා සිටී.මෙම තීරණ තුළින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙලා ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටී.මෙම බරපතළ තත්වය තේරුම් නොගෙන මෙම ව්‍යසනයට මුහුණ දීමට නොහැකි බවත් ත්‍රස්තවාදය විනාශ කිරීම සහ ගෝලීය වසන්ගතයකට මුහුණ දීම කාරණා දෙකක් බව ඔහු කියා සිටී.ඔවුන් කියා සිටියේ ඇදිරි නීතිය ඉවත්කල යුත්තේ එම ප්‍රදේශ ලොක් ඩවුන් කළ පසුව බවයි.
ඉතාලියට වඩා සීග්‍රයෙන් මුල් සති කිහිපය තුළ කොරෝනා වෛරස ලංකාව තුළ ව්‍යාප්තවන බවත් ඉදිරි සතිදෙක අතිශය තීරණාත්මක බවත් අවුරුදු සමය මේ රට මළගමක් කරනාවද නැද්ද යන්න තීරණය වනුයේ අද ගන්න තීරණ අනුව බවත් වෛද්‍ය සංඟමය කියා සිටී.
1134 Views
Comments