මෙතෙක් ආණ්ඩු කළ දෙපාර්ශවයම දූෂිතයි - කතානායක

ප්‍රකාශයට පත් කෙරෙන සෑම වාර්තාවකින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කොතරම් දූෂිත ද යන්න අනාවරණය වන බවත් එම නිසා සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතු බවත් කතානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කතානායක කරු ජයසූරිය මහතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.
කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශයම කෙතරම් දූෂිත වී තිබේද යන්නයි. වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුගේ ඩොලර් මිලියන 2ක් වන දූෂිත ක්‍රියා ලන්ඩනයේදී හෙළි වීම ආසන්න සිදුවීම්ය. සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතුමය”.
707 Views
Comments