රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම සළකා බැලීම කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම සළකා බැලීම කල් යයි

රිෂාඩ් බදියුදීන්ගේ පෙත්සම සළකා බැලීම කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් මහතා ගොණුකල රිට් පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන 06 වනදා තෙක් කල්දමා තිබෙනවා.

ඒ කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදියි.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි රිශාඩ් බදියුදීන් මහතා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කළේ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි.

පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නියමිතව ඇති බව ද ෆයිස් මුස්තාෆා මහතා ප්‍රකාශ කලා.

එමෙන්ම රිශාඩ් බදියුදින් මහතාට පොදු දේපළ පණත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් වැරදි සහගත බවයි ඔහු එහිදී සඳහන් කළේ.

 

views

818 Views

Comments

arrow-up