විදෙස් නියෝජිතයින්ටත් සති දෙකක නිරෝධායනය අනිවාර්ය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

විදෙස් නියෝජිතයින්ටත් සති දෙකක නිරෝධායනය අනිවාර්ය කරයි

විදෙස් නියෝජිතයින්ටත් සති දෙකක නිරෝධායනය අනිවාර්ය කරයි

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයෙකුම දින 14 ක අනිවාර්යය නිරෝධායනයකට යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

විවිධ රැකියා අවස්ථාව සඳහා මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වූ කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින් ද මෙලෙස දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මෙරටට පැමිණීමට පෙර සහ මෙරටට පැමිණීමට පසු අවස්ථා දෙකකදී පී සී ආර් පරීක්ෂණ සිදුකළ යුතු බවට ද විදේශිකයින්ට දැනුම් දී ඇති බවයි.

ලෝකය පුරා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරීම වේගවත් වී තිබෙන පසුබිමක එම වෛරසය මෙරට සමාජය තුළට ඇතුලුවීමේ අවස්ථා අවහිර කිරීම මෙම තීරණවලට අරමුණයි.

 

views

827 Views

Comments

arrow-up