ක්ෂේත‍්‍ර 42කට අදාළ මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ක්ෂේත‍්‍ර 42කට අදාළ මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීමට පියවර

ක්ෂේත‍්‍ර 42කට අදාළ මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීමට පියවර

ක්ෂේත‍්‍ර 42 ක කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ඉදිරියේදී ගැසට් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

 

නිකුත් කර තිබූ මාර්ගෝපදේශයන්හි පැවති අඩුපාඩු නිවැරදි කිරීමට ද මේ වනවිට කටයුතු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

 

එක් – එක් ක්ෂේත‍්‍රයන්හි කටයුතු කි‍්‍රයාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකි බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

 

views

633 Views

Comments

arrow-up