නිරෝධායනය කඩකර දෙදෙනෙකු පාස්පෝට් කන්තෝරුවේදී අල්ලාගනී..

විදෙස්ගතව සිට මෙරටට පැමිණි කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ස්වයං නිරෝධායනය සදහා යොමුකර සිටියදී,සිය ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ බුද්ධි අංශ නිළධාරීන් විසින් යලි කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.
ඔස්ට්‍රේලියාවේ සිට ඉකුත් 10 වැනිදා මෙරටට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ ඔවුන් දෙදෙනා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථායට යොමු කෙරුනු අතර,ඉකුත් 24 වැනිදා නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ස්වයං නිරෝධායනය සදහා ඔවුන් කිලිනොච්චියේ නිවාස වලට යොමු කෙරිනි.
මෙම පුද්ගලයින් දෙදෙනා සිය ගුවන් ගමන් බලපත් සකස් කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.මේ පිළිබදව බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරු මත යලි නිරෝධායනය සදහා ඔවුන් යොමු කෙරිනි.
675 Views
Comments