සමගි ජනබලවේගය ත්‍රස්තවාදී සන්ධානයක් ! - මාගල්කන්දේ සුදත්තහිමි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

සමගි ජනබලවේගය ත්‍රස්තවාදී සන්ධානයක් ! - මාගල්කන්දේ සුදත්තහිමි

සමගි ජනබලවේගය ත්‍රස්තවාදී සන්ධානයක් ! - මාගල්කන්දේ සුදත්තහිමි

ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් සමග අත්වැල් බැඳගෙන ආරම්භ කර ඇති සමගි ජනබලවේගය ත්‍රස්තවාදී සන්ධානයක් ලෙස හඳුන්වා දිය හැකි බව සිහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින්වහන්සේ පවසනවා.

 

කලුතරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

 

"ජාතික පුවත්පතක් වාර්තා කරුණු තිබුණා හිටපු කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු වන රිෂාඩ් බදුර්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන FETO හි මෙරට ව්‍යාපාර වලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති ජනාධිපති කොමිෂන් සභාවේ දී වාර්තා උනා කියලා.

 

ඒ නිසා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ අනෙකුත් ඔය කියන පක්ෂයේ නායකයින් රිෂාඩ්ලා හකීම්ලා එකතු කරගෙන හදන න්ධානය ත්‍රස්තවාදී සන්ධානයක් හැටියටයි අපිට නම් කරන්න පුළුවන්කම තිබෙන්නේ.

 

කොන්දක් තියෙනවා නං සජිත් ප්‍රේමදාස මහත්තයට අපි යෝජනා කරනවා තමන්ගේ දේශපාලන තමන්ගේ දේශපාලන කඳවුරෙන් රිෂාඩ් බදුයුදීන් කරන්න. රාහුෆ් හකීම්ලා අයින් කරන්න. දේශප්‍රේමී ජන නායකයෙක් හැටියට මහ මැතිවරණයට මුහුණ දෙන්න."

views

773 Views

Comments

arrow-up