සේවය නිමවා ගෙදර ගිය 20 හැවිරිදි තරුණයාගේ සිරුර මහවැලි ගගෙන් හමුවෙයි

නාවලපිටියේ පෞද්ගලික ඖෂධ වෙළඳසැලක සේවය කරමින් සිට ඊයේ රාත්‍රි 8.00 පමණ සේවය අවසන් කර නිවෙස බලා ගිය තරුණයෙකුගේ සිරුරක් නාවලපිටිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී හමුවී තිබෙනවා.
වයස අවුරුදු 20ක් වන මෙම තරුණයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
නිවසට නොපැමිණි තරුණයා නිවෙස් හිමියන් විසින් සොයා ඇති අතර පසුව ඔහුගේ සිරුර බව්වාගම ප්‍රදේශයේ ඉදි කර ඇති පාලම අසලින් සොයාගෙන තිබුණා.
තරුණයා ගේ මරණය ඝාතනයක් ද සිය දිවි හානිකර ගැනීමක් ද නැතහොත් හදිසි අනතුරක්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
800 Views
Comments