රන්ජන් ගැන අවසන් තීරණය සති තුනකින් - කතානායක කල් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

රන්ජන් ගැන අවසන් තීරණය සති තුනකින් - කතානායක කල් ඉල්ලයි

රන්ජන් ගැන අවසන් තීරණය සති තුනකින් - කතානායක කල් ඉල්ලයි

වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වී සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා සති තුනක පමණ කාලයක් ලබා දෙන ලෙස කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායක වරයා මේ බව කියා සිටියා.

 

මෙහිදී කතානායක වරයා පවසා සිටියේ ප්‍රේමය ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවූයේ නිසි අධ්‍යයනයක් කර ඒ පිළිබඳ නිත්‍යානුකූල පසුබිම විමසා බැලීමෙන් පසුව බවයි.

 

ඒ ආකාරයෙන්ම රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ද නීත්‍යානුකූල උපදෙස් ලබාගෙන ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණ ලබා දෙන බව කතානායකවරයා සඳහන් කර සිටියා.

 

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කිරීමට යමක් ඇත්නම් සති දෙකක කාලයක් තුළදී ලිඛිතව තමා වෙත ඉදිරිපත් කරන්නේද කතානායක වරයා පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නා.

 

 

views

670 Views

Comments

arrow-up