මෛත්‍රීට පැනවූ වාරණය දික් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

මෛත්‍රීට පැනවූ වාරණය දික් වෙයි

මෛත්‍රීට පැනවූ වාරණය දික් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට පැන වූ වාරණය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය.



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනුකුළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම වාරණය නිකුත් කර තිබිණි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබිණි. 

views

223 Views

Comments

arrow-up