සෑම කොරෝනා ආසාදිතයෙක්ම රෝහල් ගත කළ යුතුද? අධ්‍යයනයක් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

සෑම කොරෝනා ආසාදිතයෙක්ම රෝහල් ගත කළ යුතුද? අධ්‍යයනයක් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ අවධානය

සෑම කොරෝනා ආසාදිතයෙක්ම රෝහල් ගත කළ යුතුද?  අධ්‍යයනයක් කිරීමට වෛද්‍ය නිලධාරීන්ගේ අවධානය

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියළුදෙනා රෝහල්ගත කළ යුතු ද, නිරෝධායනයට යොමු කළ යුත්තේ කුමන පුද්ගලයින් ද යන කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා අධ්‍යයනයක් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ සඳහන් කලේ වෛරසයේ ව්‍යාප්තිය සලකා බලමින් මෙම තත්ත්වය පිළිබඳව යලි සලකා බැලීමට තීරණය කළ බවයි.

 

ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ඇති ධාරිතාව ඉක්මවා යමින් තිබෙනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන තුල ද ඇති ඉඩකඩ ඉක්මවා යාමට ඇති කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණයන් යලි සලකා බලා රෝහල් ගත කළ යුතු සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු පිරිස් වෙන් කොට තෝරා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් ගැන සලකා බලන බවයි මෙහිදී ඔහු සඳහන් කළේ.

 

එමෙන්ම ඇතිවී තිබෙන තත්ත්වය මත රටේ මහජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවටද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියා. රටේ පවතින සීමිත සම්පත් අනුව ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් ඇතැම් විට මරණ සංඛ්‍යාව වැඩිවීමට ඇති හැකියාව ඉහළ යනු ඇති බවයි වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

views

704 Views

Comments

arrow-up