රන්ජනුත් කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

රන්ජනුත් කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන කියයි

රන්ජනුත් කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන කියයි

කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරනවා.

 

තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසනවා.

 

නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටියා.

 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසනවා.

 

කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියා.

 

 

 

views

624 Views

Comments

arrow-up