නව රෝහලක් හදන්න රංගිරි දඹුලු රජමහා විහාරයෙන් අක්කර 05ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

නව රෝහලක් හදන්න රංගිරි දඹුලු රජමහා විහාරයෙන් අක්කර 05ක්

නව රෝහලක් හදන්න රංගිරි දඹුලු රජමහා විහාරයෙන් අක්කර 05ක්

දඹුල්ල නගරයේ අංගසම්පූර්ණ නව රු හලක් ඉදි කිරීමට ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරය අක්කර 20 ක භූමි ප්‍රමාණයක් රජයට පරිත්‍යාග කර තිබෙනවා.

 

වර්තමානයේ දඹුල්ල නගරයේ පිහිටා ඇති ෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව අසීරුතා රැසකට මුහුණ දී සිටිනවා.

 

මේ පිළිබඳව අවධානයෙන් යොමුකළ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමකට අනුව දඹුලු රජමහ විහාරය මෙම වටිනා බිම් කොටස රෝහලක් සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළා.

 

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල හිමියන් විසින් මෙම බිම් කොටස ජනක බණ්ඩාර මහතා වෙත නිරීක්ෂණය සඳහා පෙන්වා ඇති අතර ඉදිරියේදී නවරෝහල කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව අමාත්‍යවරයා පවසා සිටියා.

 

 

views

721 Views

Comments

arrow-up