JUN
01
මැතිවරණයට අදාළ පෙත්සම් ගැන අවසන් තීරණය හෙට සවස 3 ට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද 10 වන දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
639 Views
Comments