ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තදබදයකින් 27 දෙනෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තදබදයකින් 27 දෙනෙක් ජීවිතක්‍ෂයට

ආගමික උත්සවයක් අතරතුර ඇතිවූ තදබදයකින් 27 දෙනෙක් ජීවිතක්‍ෂයට

ආගමික උත්සවයක් අතරතුරදී ඇතිවූ තදබදයක් හේතුවෙන් උතුරු ඉන්දියාවේ 27 දෙනෙක් මියගොස් තිබේ.

 

ඉන් බහුතරය කාන්තාවන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී එම සිද්ධිය සිදුවී තිබුණි.

 

කාන්තාවන් 23ක්, ළමුන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිස අතර සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 

එම තදබදය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

214 Views

Comments

arrow-up