ඊයේ 300ක් - කොරෝනා වක්‍රයේ දැවැන්ත රැල්ලක්! - වසංගත රෝග විද්‍යා නවතම වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ඊයේ 300ක් - කොරෝනා වක්‍රයේ දැවැන්ත රැල්ලක්! - වසංගත රෝග විද්‍යා නවතම වාර්තාව

ඊයේ 300ක් - කොරෝනා වක්‍රයේ දැවැන්ත රැල්ලක්! - වසංගත රෝග විද්‍යා නවතම වාර්තාව

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය අසාදනය වූවන්ගේ සංඛ්‍යාව 2454 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ ඊයේ දිනයේ නව ආසාදිතයින් 300ක් හමුවීමත් සමගයි.

 

ශ්‍රී ලංකාවේ මෙතෙක් දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ දී වාර්තා වී තිබෙනවා.

 

මින් පෙර දිනකදි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ මැයි මාසයේ 27 වනදා 150 ලෙසින්.

 

ඒ අනුව නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වීමේ රේඛාව ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ පෙර වාර්තා වූ වක්‍රයන්ට වඩා විශාල ලෙස රැල්ලක් අයුරින් ඉහළ යාමකින් බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා.

 

 

 

views

1013 Views

Comments

arrow-up