බස්නාහිරට සංචරණ සීමා පනවන්න - PHI සංගමය අවදානම් කණ්ඩායම් තුනක් හඳුනා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

බස්නාහිරට සංචරණ සීමා පනවන්න - PHI සංගමය අවදානම් කණ්ඩායම් තුනක් හඳුනා ගනී

බස්නාහිරට සංචරණ සීමා පනවන්න - PHI සංගමය අවදානම් කණ්ඩායම් තුනක් හඳුනා ගනී

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක වල ආසාදිතයින් තවමත් වාර්තා කිරීම හේතුවෙන් අලුත් අවුරුදු සමයේ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම අවම ඔහු කරමින් යම් සංචරණ සීමාවන් පැනවිය යුතු බව මහජන ‍සෞඛ්‍යය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

 

" බස්නාහිර සීමාව රෝගීන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන අතර හඳුනා ගත නොහැකි මට්ටමේ සමාජය තූළ රෝගීන් සැරිසරනවා.

 

 

ඒ වගේම ගම්පහ නගරයේ ත් එවැනිම තත්ව වාර්තා වෙමින් තියෙනවා.

 

 

කෙසේ වෙතත් එළඹෙන උත්සව සදහා ප්‍රධාන කණ්ඩායම් තුනක් අවදානම්කාරී ලෙස ගමන් කරන ආකාරය අපට නිරීක්ෂණය වනවා.

 

 

විශේෂයෙන්ම පළවෙනි කණ්ඩායම බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු පිටිසරබද ප්‍රදේශවල කට්ටිය ඔවුන් නිවෙස් කරා ගමන් කරමින් සිටිනවා.

 

 

ඒ වගේම දෙවැනි කණ්ඩායම බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට එන පිරිස අවදානම්කාරී විදිහට නීති කඩකරමින් සහ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නොකරමින් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වනවා.

 

 

ඒ වගේම තුන්වෙනි කණ්ඩායම බස්නාහිර පළාතේ නිරෝධායන තත්ත්වයන්ට යටත් වෙලා ඉඳපු සහ සංචාරණය සීමා කළ ප්‍රදේශවල පිරිස් ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා විනෝද චාරිකා ගමන් කිරීම් කරනවා.

 

 

ඒ වගේම ඉදිරියට එන අලුත් අවුරුදු උදාවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා දැනට මේ අවදානම් ප්‍රදේශ බස්නාහිර පළාතේ සංචාරණය සීමා නැත්නම් යම් තරමකට බස්නාහිර පළාත වගේම ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට මේ රෝගීන් ව්‍යාප්ත වීමේ හැකියාව තියනවා.

 

 

ඒ නිසා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන්ට ඔවුන්ගේ නත්තල් උත්සවය සහ අලුත් අවුරුද්ද ඔවුන්ගේ සංචාරණය සීමා ඇතුලේ ඉඳගෙන සමරන්න අවස්තාව දෙන්න.

 

 

ගමන් කිරීමට සීමා පනවන්න කටයුතු කරන්න. එහෙම නැති උනොත් අපිට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඉතාම අවාසනාවන්ත තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන එක තමා අපේ නිරීක්ෂණය."

 

 

 

views

614 Views

Comments

arrow-up