සේනා දළඹුවන් විනාශ කරන්න NPV ජෛව රසායනිකය හෙට ගොවීන් අතට

සේනා දළඹුවන් බඩ ඉරිගු වගාවට මෙන්ම කුරහන් වගාවද ආක්‍රමණය කරමින් සිටින බව පසුගිය දිනවල අසන්නට ලැබුණා.
දළඹුවන් මර්දනය කිරීම සඳහා NPV නම් ජෛව රසායනිකයන් ආනයනය කර තිබෙනවා.
මෙම ජෛව රසායනිකය ගොවින්ට හෙට දිනයේ සිට බෙදා හැරෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ජෛව පාලන ක්‍රමයක් සාර්ථකව මෙරට ගොවීන්ට හඳුන්වා දෙන ප්‍රථම අස්ථාව ද මේ වන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම ජෛව රසායනිකය දැනටමත් ප්‍රදේශ කීපයක අත්හදා බලා ඇති අතර එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වූ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.
මේ වන විට දිවයිනේ බඩ ඉරිගු හෙක්ටෙයාර 10,000ක් පමණ සේනා දළඹු ව්‍යාප්තිය හේතුවෙන් හානි සිදුවී තිබෙනවා.
573 Views
Comments