ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන හොයන්න කණ්ඩායම් තුනක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන හොයන්න කණ්ඩායම් තුනක්

 ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන හොයන්න කණ්ඩායම් තුනක්

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද (15) ඇති වූ ගින්න සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පවසනවා

 

එම ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විශේෂඥ මතයක් ලබා ගැනීමට නියමිත අතර විදුලි ඉංජිනේරුවන්ගේ මතයක් ලබා ගැනීමටද නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


එම ගින්න හටගෙන තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ බිම් මහලේ අබලි ද්‍රව්‍ය ගබඩාවකය.

 

ගින්න හේතුවෙන් විනාශ වී තිබෙන්නේ  අබලි ද්‍රව්‍ය තොගයක් බවත්  එහි ලේඛනාගාරවලට කිසිදු  හානියක් සිදුව නැති බව අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

 

views

719 Views

Comments

arrow-up