සජිත්ගෙන් ජනපති සමාව නැහැ

වැරදිවලට නීතියෙන් අච්චු ලබා ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලනකාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ කුරුණෑගල, ගල්ගමුව මහජන සතිපොළේ ජන රැළියට ඊයේ (11) දින එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේ එළඹෙන16 වැනිදායින් පසුව ත්‍රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, ළමා අපචාර කරුවන්ටරට තුළ ඉඩක් නැහැ.
අච්චු කර ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන් කිසිමවිටක ජනාධිපතිවරයා ලෙස මගේ පාලන කාලය තුළදී නිදහස් කරන්නේ නැහැ.
ඔවුන්ට දැඩි දඩුවම් ලබා දී විනයගරුක රටක් නිර්මාණය කර සංවර්ධිත නව ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කරනවා.
744 Views
Comments