එන්නත විද්දාට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයයි - එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්නේ සති 6 - 8කින් - GMOA

කොවිඩ් එන්නත යම් පුද්ගලයකුට ලබාදුන් පසු ඉන් ආරක්ෂාව ලැබෙන්නේ සති 6 - 8ක කාලයකින් පසුව බවත් සෞඛ්‍ය උපදෙස් දිගටම පිළිපැදීම කෙරෙහි ජනතාව සැලකිලිමත් විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
"අපි මේ කතා කරන එන්නත පිළිබඳ අපි 100%ක් දන්නෙ නෑ.
මේක තාම පරීක්ෂණ සමහර තැන්වල සිද්ධ වෙනවා.
ජනතාව දැනගතයුතු කාරණය තමයි, දැන් අද මට විද්දයි කියලා අද ඉඳන් මාව ආරක්ෂා වෙන්නෙ නෑ.
මම පළවෙනි මාත්‍රාව විදගෙන - සාමාන්‍යයෙන් සති 4ක් තමයි සම්මතය වෙන්නෙ, සති 4 - 12 අතර.
නමුත් සති 4කින් අපට දෙවැනි මාත්‍රාව විදින්න පුළුවන් - දෙවැනි මාත්‍රාව විදගෙනත් සති දෙක තුනක් ගියාට පස්සෙ තමයි අපට මේ බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නෙ.
මේ එන්නතේ ඵලදායීතාව 80%යි කියලා කියන්නෙ, එන්නත විදගන්න අයගෙනුත් 20%කට හැදෙන්න පුළුවන්.
දැන් මට අද විද්දට පස්සෙ ඒ ලැබෙන ප්‍රතිශක්තිය කොච්චර කාලයක් මගෙ ඇඟේ තියෙයිද, ඒකත් ප්‍රශ්නයක්.
මං හරහා මගෙන් ඔබට බෝවෙන එක වළක්වන්න පුළුවන් වෙයිද එන්නතෙන් ? මේවාත් තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ"
යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඒ අනුව එන්නත ලබාගත්ත ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත් බව ඒ මහතා අවධාරණය කළේය.
709 Views
Comments