කරුණා අම්මාන් සීඅයිඩීයට කැඳවයි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
කොටි සංවිධානයේ නායකයකු ලෙස කටයුතු කළ සමයේදී ඔහු විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 2000-3000ක් අතර පිරිසක් කිලිනොච්චියේදී ඝාතනය කළ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
763 Views
Comments