කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට පිහි පහරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට පිහි පහරක්

කොරෝනා මෙහෙයුම් වලට ගිය PHIට  පිහි පහරක්

රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

ඊයේ පස්වරුවේ රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි.

 

පහරකෑමෙන් තුවාල ලැබු අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

අදාල පහරදීම සිදුකළ පුද්ගලයා 15 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතරඔහු මේ වන විට ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක සැඟව සිටින බවට ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

 

ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

 

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

views

813 Views

Comments

arrow-up