මිල පාලනය කිරීමට සහල් ආනයනයට පියවර

මහා පරිමාණ වී මෝල් හිමියන් අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් එය පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක තොගයක් ආනයනය කර රජයේ සංචිතයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇත.
අප්‍රේල් මාසය මුලදී ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.
සහල් මිල දිගින් දිගටම ඉහළ දැමීමට මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු කිරීම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඉකුත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව ඇත.
මහ කන්නයේ වී අස්වනු අප්‍රේල් මස 05 වැනිදා වන විට නෙළා අවසන් වන බැවින්, ගොවි ජනතාවට අසාධාරණයක් නොවන පරිදි වෙළෙඳපොළේ සහල් මාෆියාව පාලනය කිරීම සඳහා කටයුතු කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී කැබිනට් මණ්ඩලයට පවසා තිබේ.
මේ නිසා රජය අප්‍රේල් මස 05 වැනිදායින් පසුව සහල් තොග ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.
706 Views
Comments