දිස්ත්‍රික්ක 05 කට අලුතින්ම විශ්වවිද්‍යාල 05 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

දිස්ත්‍රික්ක 05 කට අලුතින්ම විශ්වවිද්‍යාල 05 ක්

දිස්ත්‍රික්ක 05 කට අලුතින්ම විශ්වවිද්‍යාල 05 ක්

දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කරයි.

 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කරන පරිදි කළුතර,නුවරඑළිය, මාතලේ, හම්බන්තොට හා මුලතිව් දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ඉදිකිරීමට නියමිතයි.

 

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 5 ක් මේ සදහා සැලසුම් සකස් කිරීම සඳහා පත් කර ඇත.

 

එක් එක් විශ්වවිද්‍යාල සඳහා උපාධි පාඨමාලා හා ඩිප්ලෝමා පාඨමාලා අදාළ දිස්ත්‍රික්කයේ රැකියා වෙළඳපොළ පාදක කර ගනිමින් සකස් කිරීමට නියමිතයි.

 

අදාළ ඉදිකිරීම් සදහා ඉඩම් පවරා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව ද වාර්තා වෙයි.

 

මේ වසර අවසන් වීමට පෙර එම විශ්වවිද්‍යාලවල ඉදි කිරිම් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.

 

views

769 Views

Comments

arrow-up